
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට මේ වන විට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය (ICCPR) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට චෝදනා කරමින් සහ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා උදය ගම්මන්පිල විසින් ගොනු කරන ලද රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ මේ මොහොතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තීරණයක් ගෙන නොමැති බවයි.
පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බවත් ඉන්පසුව අවසන් තීරණයක් ගන්නා බවත් ඔහු පැවසීය.
ඒ අනුව, පෙත්සම සළකා බැලීම සැප්තැම්බර් 17 වැනි දිනට කල් දැමීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart