October 8, 2024

නව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතය.

කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් සඳහන් කරන ලද්දේ අද පස්වරු 2ට ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ සම්බන්ධයෙන් රැස්වන බවයි.

එසේම හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අධිකරණය විසින් සිදුකර ඇති නියමයන් ක්‍රියාත්මක කිරීම ස්වාධීන පොලිස් කොමිසමේ වගකීමක් බවයි.

42.31%
17.27%
32.76%