
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආයෝජන ව්‍යාපෘතියක් සඳහා වෙන්කෙරුණු නුවරඑළිය, අඹේවෙල ප්‍රදේශයේ අක්කරයක පමණ ඉඩමක් තමන්ට ලබාදෙන ලෙස පවසා හිටපු ආණ්ඩුකාරවරියකගේ සැමියා දුරකතනයෙන් මරණීය තර්ජන කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය නුවරඑළිය මූලස්ථාන පොලිසියට සහ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ (30) පැමිණිලි කළේය.
ආයෝජන ව්‍යාපෘතිය සඳහා වෙන්කෙරුණු ඉඩම තමාට දෙන්නැයි හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්, ආයෝජන ව්‍යාපෘතියකට වෙන්කර ඇති හෙයින් ඉහළ අනුමැතියක් නොමැතිව එම ඉඩම ලබාදිය නොහැකි බවට පැවසූ අවස්ථාවේදී ඔහු “ඉඩම මට නොදුන්නොත් විසිඑක්වැනිදායින් පස්සේ මම ඔයා ගැන බලාගන්නවා. කුඩුවෙන්න දෙන්නේ” යනුවෙන් ප්‍රකාශ කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලිසිය පවසයි.
ආණ්ඩුකාරවරියගේ සැමියාට බඳු පදනම මත හිමිව තිබූ ඉඩමක් වෙනත් පුද්ගලයකුට අලෙවි කිරීමෙන් පසුව ඊට යාබදව ඇති මෙම අක්කරයක ඉඩම ලබාගැනීමට විවිධ උත්සාහ දරා ඇතැයි කියති.
ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලිඛිතවද ඉල්ලීමක් කර තිබූ බව දැනගන්නට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරියගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, හිටපු ආණ්ඩුකාරවරියකගේ සැමියා තමාට දුරකතනයෙන් තර්ජනය කරමින් ආයෝජන ව්‍යාපෘතියකට වෙන්කෙරුණු අක්කරයක ඉඩමක් දෙන ලෙස ඉල්ලා සිටි බවයි.
මෙම ඉඩම ආයෝජන ව්‍යාපෘතියක් සඳහා දැනටමත් වෙන් කර අවසන් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කළ හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බලකරමින් සඳුදා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුවරඑළිය ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති චන්දික වෛද්යසිරි පැවසුවේ, එම විරෝධතා ව්‍යාපාරයෙන් පසුවද එම පුද්ගලයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගතහොත් වැඩිදුර වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart