March 8, 2026

12 හැවිරිදි දැරියක් අපහරණය කර ඝාතනය කළ විත්තිකරුවකුට මරණීය දණ්ඩයනය නියමකර ඇත.

එසේ මරණීය දණ්ඩනය නියම වුණේ 2008.12.04 අම්බලන්ගොඩ, තල්ගස්ගොඩ, සුදු වැල්ල ප්‍රදේශයේදී 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අපහරණයට ලක්කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැදිකරුවූ පුද්ගලයෙකුටය.

විත්තිකරුට එරෙහිව චෝදනා 2ක් යටතේ මෙම නඩු පවරා තිබූ අතර, පළමු චෝදනාව වූ අපහරණය යටතේ නියම කළ දඩමුදල රු. 25,000කි.

ඊට අමතරව වසර 5ක අනිවාර්ය බරපතල වැඩ සහිතව සිරදඬුවමක් හා මනුෂ්‍ය ඝාතනය කිරීම යටතේ මරණීය දණ්ඩනය නියම කරන කෙරිණි.

2008 වසරේදී හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක, පාසලේ ක්‍රීඩා උත්සවයට ගොස් නැවත නිවසට එන අතරතුර පැහැරගෙන ගොස්, අපහරණය කර, පොල්ලකින් ගසා ඝාතනය කොට, ළිඳකට දැමීම සම්බන්ධයෙන් එම නඩුව පවරා තිබිණි.