
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුනාමි ව්‍යසනයේදී පැනගිය මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවෙක් වසර 19කට පසු අත්අඩංගුවට ගෙන ඇත.
රාගම ප්‍රදේශයේ 2001 වසරේ දී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
2004 වසරේ සුනාමි ව්‍යසනයේදී මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට රැගෙන යමින් සිටියදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙම පුද්ගලයා පැන ගොස් තිබේ.
ඔහුගේ සොහොයුරා 2012 මැයි මාසයේදී නිදහස් කර ඇති අතර, අතුරුදන් වූ සිරකරුට අධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.
එසේම, මේ වන විට 54 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ රාගම නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිරකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart