
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛන වල සහතික පිටපත් මාස හයකට පසු අවලංගු නොවන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
ඒ අනුව මීට පෙර ඒවා මාස හයකට වලංගු වන බවට පැවති රෙගුලාසි අහෝසි කර ඇති අතර නිකුත් කරන ලද ඕනෑම සහතිකයක සහතික පිටපතක් පවතී නම් නැවත නව පිටපතක් ලබා ගැනීමට වශ්‍යතාවක් මතු නොවේ.
ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ද මේ පිළිබඳව දැනුම් දී ඇත.
කෙසේ වෙතත් යම් අවස්ථාවකදී උප්පැන්න, විවාහ සහ මරණ ලේඛණයක සංශෝධන සිදු කර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart