
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පා.ම. දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය දේශපාලන මණ්ඩලයේ අනුමැතියට යටත්ව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අත්හිටුවා තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී ඊයේ (සැප්. 05) රැස්වූ දේශපාලන මණ්ඩලය එම තීරණය ගෙන ඇත.
පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් දයාසිරි ජයසේකර වෙත පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන විසින් යවනු ලැබූ ලිපියේ දැක්වෙන්නේ පක්ෂ ව්‍යවස්ථාව අනුව ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් ද සිදු කරන බවය.
දින 14ක් තුල චෝදනා පත්‍රය එවන බවද එම ලිපියේ සඳහන් වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් ලෙස සරත් ඒකනායක පත්කර ඇත.
දේශපාලන මණ්ඩලය ගනු ලැබූ තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව දයාසිරි ජයසේකර පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart