
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කහවත්ත, වැල්ලදුර ප්රදේශයේ දී තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 13 වැනිදා අලුයම තියුණු ආයුධකින් ගෙල කපා ඝාතනය කර තිබූ 71 හැවිරිදි අදාළ කාන්තාවගේ මළ සිරුර ඇයගේ නිවසේ තිබී සොයාගැනිණි.
එම කාන්තාව සිය දියණිය සමඟ නිවසේ පදිංචි ව සිට ඇති අතර, දියණිය නිවසින් බැහැරව ගිය අවස්ථාවක ඝාතනය සිදු ව තිබූ බව සඳහන්ය.
කහවත්ත පොලිසිය වෙත ද මව මරාදමා ඇති බවට දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය විසිනි.
අසල්වාසීන් විසින් බිම ඇද වැටී සිටි කාන්තාව රෝහලට ගෙන යාමට සැරසෙන විටත් අදාළ මියගොස් සිටි බව ට පොලිසිය වෙත සාක්ෂි ලැබි ඇත.
මියගිය මවගේ දේහයට අඩි කිහිපයක දුරින් සැකකාරිය ගේ අත්ඔරලෝසුව වැටී තිබී හමුවී ඇති බවත්, රත්නපුර පොලිස් නිල සුනඛ කොට්ඨාශය කරන ලද ස්ථානීය පරීක්ෂණවලදී ද පොලිස් නිල සුනඛයා නිවසින් බැහැරට නොගිය බව පොලිසිය කියයි.
මෙම ඝාතනයට අදාළව අනාවරණය වූ කරුණු මත පදනම් ව කිසියම් බාහිර පුද්ගලයකුට මෙය සිදුකළ නොහැකි බව පෙනීයන හෙයින් සැකකාරිය අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න පවසයි.
මෙම සැකකටයුතු ඝාතනය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඝාතනය සිදුකර ඇත්තේ, එම කාන්තාවගේ දියණිය බවට එහි දී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව 38 හැවිරිදි සැකකාරිය අද(16) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart