
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරොක්කෝවේ රජු වන හයවන මුහම්මද් රජතුමා විසින් නාගරික සැලසුම් අමාත්‍ය ෆාතිමා සහ්රා මන්සූරි අගමැතිවරිය ලෙස නම් කරන ලද අතර, 50 හැවිරිදි වියේ පසුවන නීතිඥවරියක වන ඇය එම මුස්ලිම් රාජ්‍යයේ අගමැති ධුරයට පත් වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වී තිබේ.
මරියාකේ නගරාධිපතිනිය ලෙසද කටයුතු කර ඇති මන්සූරි වෙත නව ආණ්ඩුවක් පිහිටුවීමේ වගකම පවරා ඇති බව රාජකීය මාලිගය විසින් නිවේදනය කර ඇත.
මන්සූරිගේ නායකත්වයෙන් යුත් PAM පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් ඉහළ ජයග්‍රහණයක් අත්කර ගන්නා ලදී.
ටියුනීසියාවේ නජ්ලා බුඩෙන්ට පසු අරාබි ලෝකයේ අගමැතිවරියක ලෙස සේවය කරන දෙවැනි කාන්තාව වන ඇය, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරි දිනවලදී සභාගයක් ගොඩනැගීමට අපේක්ෂා කරනු ලබයි.
මොරොක්කෝවේ මැතිවරණ ක්‍රමය තුළ කිසිදු පක්ෂයකට තනි බහුතරයක් දිනාගැනීම අපහසු බැවින්, පුළුල් සභාගයකින් ආණ්ඩුවක් සැකසීමට සිදුවී තිබේ.
2030 FIFA ලෝක කුසලානයට අදාළ බිලියන ගණනක ආයෝජන ප්‍රවර්ධනය කිරීම මෙන්ම, උද්ධමනය පාලනය කිරීම, වැටුප් ඉහළ නැංවීම සහ නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම වැනි මැතිවරණ පොරොන්දු ඉටුකිරීම ඇයගේ ප්‍රධාන අරමුණ වී ඇත.
2011 අරාබි වසන්ත විරෝධතා ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ සංශෝධන යටතේ, මැතිවරණයේදී වැඩිම ආසන දිනාගන්නා පක්ෂයේ නායකයා අගමැතිවරයා ලෙස පත්කිරීමට රජු බැඳී සිටී.
ප්‍රංශයේ මොන්ට්පෙලියර් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබා ඇති මන්සූරි, දේශපාලන ක්ෂේත්රයේ දැඩි කැපවීමකින් කටයුතු කර ඇත.
ඉදිරියේදී ඇයගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුව රටේ ආර්ථික හා සමාජීය අභියෝග ජය ගනිමින් ඉදිරියට යනු ඇතැයි ජනතාව දැඩි අපේක්ෂාවෙන් පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart