
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(ජූලි 10) දින නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව පෙත්සම ජූලි 17 වනදා විභාගයට ගැනෙනු ඇත.
මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයකට අනුව 2023 අප්‍රේල් 25 වැනිදා ලලිත් පතිනායක, අජිත් රෝහණ, එස්.සී.මැදවත්ත, ඩබ්ලිව්.කේ.ජයලත් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත්දෙනකු සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කරන ලදී.
කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් කියා සිටියේ, අදාළ නියෝගය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් හෝ ඔවුන්ගේ අනුමැතිය ඇතිව නිකුත් කළ එකක් නොවන බවත්, එබැවින් එය නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී බවත් ය. එබැවින් තමන් එම ස්ථාන මාරු නියෝගයට අවනත නොවන බව ඔහු දැනුම් දුන්නේය.
ඔහු තවදුරටත් පොලිස් ආඥාපනතේ 56 වගන්තිය සහ 1974 දී විජේසූරියට එරෙහි රජයේ නඩුවේ තීන්දුව උපුටා දක්වමින්, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ එවැනි ‘ද්වේෂ සහගත, අත්තනෝමතික සහ අසාධාරණ’ තීරණයක් පිටුපස යටි අරමුණක් ඇති බවට චෝදනා කළේය.
“ඇමැතිවරයා මේ සියලු ද්වේෂසහගත ක්‍රියා කරන්නේ අපට හිරිහැර කිරීමට සහ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ආරක්ෂා කිරීමට” යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ එම ලිපියෙන් චෝදනා කර ඇත.
මේ අනුව අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති නියෝගය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී නොමැති බව ඔහු සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart