
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තයේ බැංකොක් සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ඊයේ (12) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් කරන ලද විශේෂ වැටළීමකදී ඇගේ ගමන් මලු තුළ සඟවා තිබූ ‘කුෂ්’ නමින් හැඳින්වෙන කිලෝග්‍රෑම් 46 ක මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පැවසීය.
සැකකාර තරුණිය රේගු ප්‍රදේශයෙන් පිටවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කුෂ් තොගයේ වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 460 ක් පමණ වන බවට ගණන් බලා ඇත.
වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය සහ මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී ඇති බව නිලධාරීන් තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart