
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියානු සංවර්ධන බැංකුවේ සහනදායී ණය පහසුකම යටතේ රුපියල් මිලියන 177 ක පිරිවැයකින් මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ස්ථාපිත කරන ලද නව CT ස්කෑන් යන්ත්‍රය රෝගී සත්කාර සේවා සඳහා නිල වශයෙන් විවෘත කර තිබේ.
එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද සහභාගී විය.
මීගමුව සහ ඊට ආසන්න ප්‍රදේශවලින් පැමිණෙන විශාල රෝගීන් සංඛ්‍යාවකට සේවය සපයන මීගමුව රෝහලේ රෝග විනිශ්චය සේවාවන් මෙම නව සී ටී ස්කෑන් යන්ත්‍රය මගින් සැලකිය යුතු ලෙස ශක්තිමත් වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම පහසුකම ස්ථාපිත කිරීමත් සමඟ සී.ටී. ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය වන රෝගීන් රාගම ශික්ෂණ රෝහල වෙත හෝ වැලිසර රෝහල වෙත යොමු කිරීමේ අවශ්‍යතාව මගහැරී යන අතර, එමගින් රෝගීන්ගේ ගමන් බිමන් කාලය සහ පිරිවැය අවම වී අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන් පහසුවෙන් ලබාගැනීමේ හැකියාව උදාවේ.
මේ අතර රුපියල් මිලියන 29 ක පිරිවැයකින් ප්‍රතිසංස්කරණය කරන ලද රෝහලේ අක්ෂි සායන ගොඩනැගිල්ල ද මෙහිදී නිල වශයෙන් රෝගී සත්කාර සේවා සඳහා විවෘත කෙරිණි.
එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය මගින් රුපියල් මිලියන 10 ක පිරිවැයකින් රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද ශාරීරික සුවතා මධ්‍යස්ථානය ද අමාත්‍ය නලින්ද ජයතිස්සගේ නිරීක්ෂණයට ලක්විය.
අනතුරුව අමාත්‍යවරයා රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව මෙන්ම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි රෝගීන්ගේ සුවදුක් විමසා බැලීමට ද කටයුතු කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart