March 24, 2026

එප්පාවල, සඳරැස්ගම ප්‍රදේශයේ නිවසක් අසලට පැමිණි කිඹුලෙකු පදිංචිකරුවන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට භාර දී තිබේ.

තලාව-එප්පාවල ප්‍රධාන මාර්ගය අසල, සඳරස්ගම හන්දියට ආසන්නව අඩි 10ක් පමණ දිග කිඹුලෙකු සිටින බව මඟියෙකු ඊයේ රාත්‍රියේ වාර්තා කර තිබිණි.

අවට පදිංචිකරුවන් සතා අල්ලා පොල් ගසක බැඳ තැබීමට කටයුතු කර ඇත.

සිද්ධිය පිළිබඳ වනජීවී නිලධාරීන්ට දැනුම් දුන් පසු අද(24) උදෑසන 10ට පමණ කිඹුලා විල්පත්තු අභයභූමියට ගෙන ගොස් ඇත.

ගම්වාසීන් විශ්වාස කරන්නේ කිඹුලා අල්ලා ගත් ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි එලියඩිවුල්වැව වැවෙන් පැමිණි බවයි.

සත්වයා බැලීමට ප්‍රදේශයේ විශාල පිරිසක් රැස්ව තිබිණි.