
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කතරගම මැණික් ගගේ දිය නාමින් සිටි පුද්ගලයකු කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්ව දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසුවේ, ඊයේ (06) උදෑසන කාලයේදී මැණික් ගගේ අංක 2 පාලමත් අභිනවාරාම විහාරස්ථානයත් අතරදී මියගිය පුද්ගලයා කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබෙන බවයි.
කිඹුල් ප්‍රහාරයට ලක්වීමෙන් පසු ඔහු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක කරන බව පොලිසිය පැවසීය.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ හා වනජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව මෘත දේහය සොයාගෙන තිබේ.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන, කතරගම දේවාලය වැදපුදා ගැනිමට පැමිණි පුද්ගලයෙකු බවට සැකකරන බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart