
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිරමීඩ ජාවාරම මෙහෙය වූ ආයතන හා පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ ඉදිරි පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.
ශ්රීලංකා මහ බැංකුව විසින් 1988 අංක 30 දරන බැංකු පනත අනුව මෙම ජාවාරම තහනම් කර ඇත.
ඒ අනුව, ඊට අපරාධ නීතිය බල පැවැත්වෙන බව මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවැසීය.
මීට අදාළව නීතිපතිවරයා දැනුවත්කර පැමිණිලි පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර නඩු පවරන බවද ඔහු සඳහන් කරයි.
පිරමීඩ ජාවාරම් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස අවස්ථා ගණනාවකදී මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබේ.
එහෙත් මේ වනවිට එම ජාවාරම්කරුවන්ට හසුවූ බවට විශාල පිරිසක් පැමිණිලි කරමින් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart