
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි 2028 වසරේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් පසුගියදා ක්‍රීඩා ප්‍රධානීන් මුම්බායිහිදී රැස්වූ අවස්ථාවේදී, ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා තරග සඳහා ඇතුළත් කිරීමට යෝජනා වී ඇත.
කාලසටහනට අනුව මේ වනවිටත් ක්‍රීඩා 28ක් තහවුරු කර ඇති අතර, ක්‍රිකට් යනු ක්‍රීඩා උළෙල සඳහා සංවිධායකයන් විසින් විධිමත් ලෙස ඇතුළත් කිරීමට යෝජනා කරන ලද නව ක්‍රීඩා පහෙන් එකකි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ යෝජනාව වී ඇත්තේ, ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය වන පිරිමි සහ කාන්තා විස්සයි 20 තරග පැවැත්වීමටය.
LA 28 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සඳහා නිර්දේශ කිරීම ගැන ඔවුන් සතුටුවන බවත්, මෙය අවසාන තීරණය නොවුණද, සියවසකට වැඩි කාලයකට පසු ප්‍රථම වතාවට ඔලිම්පික් තරගාවලියේ ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීම සඳහා එය ඉතා වැදගත් සන්ධිස්ථානයක් බවත්, අන්තර්ජාතික ක්‍රිකට් සවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ පවසා ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවට ගෝලීය වශයෙන් බිලියනයකට වඩා රසිකයන් සිටින අතර, ඔවුන්ගෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාව දැකීමට කැමැත්තක් දක්වන බව ඔහු සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart