
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා ඇමැතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පසුගියදා පත්කළ අතුරු කමිටුව සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුව අවසන් වන තුරු ක්‍රිකට් ක්‍රීඩාවේ කටයුතුවලට මැදිහත් නොවීමට තීරණය කළ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග සඳහන් කළේය.
පිරිසක් එක්ව ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් විනාශ කළත්, ඊට මැදිහත් නොවන බව අතුරු කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කළ රණතුංග ඊයේ ජනමාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.
“අපි ආවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රශ්න විසඳන්න. අපි අධිකරණය ගැන විශාල බලාපොරොත්තු තියාගෙන ඉන්නවා,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අධිකරණය නිවැරදි තීරණයක් ගෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි කිරීමට ඉඩ ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකුම ඉදිරිපත් වී ක්‍රිකට් ක්‍රීඩාවට නව පණක් ලබාදීමට අත්වැල් බැඳ ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද ඔහු අනාවරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් වන නඩුව ඊයේ විභාගයට ගැනිණි.
අද දින විභාගයෙන් අනතුරුව නඩුව වැඩිදුර විභාගය සඳහා 2023 නොවැම්බර් 22 දිනට කල් තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart