
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2021 දී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති මිසිස් වර්ල්ඩ් තරඟයේ ජයග්රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කළ බවට චෝදනා එල්ල වන නඩුවේ තුන්වැනි සාක්ෂිකාරිය වන ආශා බස්නායකට එරෙහිව කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලි අද වරෙන්තුවක් නිකුත් කළාය.
හිටපු මිසිස් වර්ල්ඩ් කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්රා සැකකරුවන් ලෙස නම්කරමින් මෙම නඩුව පවරා ඇත.
මීට පෙර, දෙවැනි සාක්ෂිකරු වන චන්දිමාල් දැනටමත් අධිකරණය ඉදිරියේ සාක්ෂි දී තිබේ.
පෙර අධිකරණ සැසියේදී සාක්ෂි දීමට ආශා බස්නායක කැඳවා තිබූ අතර, ඇයට නොතීසි නිකුත් කරන ලදී.
කෙසේවෙතත්, ඇය අධිකරණයේ පෙනීසිටීමට අපොහොසත් වූ බැවින්, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්රාත්වරයා වරෙන්තුවක් නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart