April 24, 2026

තමන් විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයට නව කරුණු ඇතුලත් කිරීමට ඉඩ දෙන ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් කළ ඉල්ලීමක් කොළඹ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද ප්‍රතික්ෂේප කළේය.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සාපරාධී රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත ගොනු කර ඇති නඩුවක ජයසුන්දර චූදිතයෙකි.

විනිසුරු ප්‍රියන්ත ලියනගේගේ සභාපතිත්වයෙන් යුත් කොළඹ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී තිබිණි.

ඊට අමතරව, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර නඩුවේ විත්තියේ සාක්ෂිකරුවන් ලෙස අධිකරණය හමුවේ පෙනී සිටියහ.