
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් ආයතනයේ දූෂණ,වංචා සහ අක්‍රමිකතා විමර්ශනය සඳහා අලුත් සභාපතිවරයකු තාවකාලිකව පත්තර ගැනීම සඳහා කෝප් කමිටුව අද (2) රැස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ දී ඊයේ (1) පැවසීය.
ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා විමර්ශනය සඳහා කෝප් කමිටුවට සභාපතිවරයකු තාවකාලිකව පත්කර ගැනීමට හැකියාව තිබෙන බවද ඔහු සදහන් කළේය.
කථානායකවරයා මෙසේ පැවසුවේ කෝප් කමිටුවේ අර්බුදය සම්බන්ධයෙන් සභාවේ සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල :
කෝප් කමිටුවට සභාපතිවරුන් දෙදෙනෙක් ඉන්න බෑ. ස්ථාවර නියෝග අනුව එහෙම කරන්න හැකියාවක් නැහැ.
කථානායක :
සාමාජිකයන් රැස්වෙලා ඒ ගැන තීරණයක් ගන්න පුළුවන්.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක :
ආරම්භක අවස්ථාවේදී තමයි සාමාජිකයන් කැඳවලා සහපති තෝරගන්නේ. දැන් තියෙනනේ ආරම්භක අවස්ථාව නෙවෙයි. දැන් තියෙන්නේ සභාපතිවරයකු පත්කරගත්ත කෝප් එක. අලුත් කෙනෙකු පත්කරන්න නම් දැන් ඉන්න කෙනා අයින් කරන්න ඕන. ධුරය හිස්වෙන්න ඕන. ඒ නිසා මෙම ඔබතුමාගේ මැදිහත්වීම අවශ්‍යයි. ඔතුමාගේ මුලිකත්වයෙන් හරි ලේකම්තුමියගේ මුලිකත්වයෙන් හරි කෝප් සභාව ඉක්මනට කැඳවන්න. එකනදී අපි තීරණයක් ගමු මොකක්ද කරන්නේ කියලා.
සභාපතිවරයකුගේ ක්‍රියාකාරකම් නිසා මුළු කෝප් සභාවම අකර්මණ්‍ය විය යුතුද?
මෙතන යම් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ව්‍යාකූලත්වය නිර්මාණය කිරීමට සමහර තීන්දු තීරණ ඉවහල් වුණාද කියන සැකය මතු වෙනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර :
මේ මාසේ සෑහෙන ආයතන සංඛ්‍යාවක් අවසන් කරන්න තිබුණා. කෝප් කමිටුවේ සභාපති කටට ඇඟිල්ල තිබ්බ කියලා මුළු සභාවම වහලා දාන්න පුළුවන්ද? මොකක්ද මේ කෝප් කමිටුවේ අනාගතය. 13න් පස්සේ පාර්ලිමේන්තුව අවසන් වෙනවා. අයවැයෙන් පස්සේ. පාර්ලිමේන්තුව වාර අවසාන කළොත් මේ කමිටු සියල්ල අහෝසි වෙනවා.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart