
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලයිකා සමූහ ව්‍යාපාරයේ හිමිකරු වන ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා ධන කුවේරයකු වන අල්ලිරාජා සුබාස්කරන් ඊයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
චැනල් අයි සමාගම කෙටි කාලීන ගිවිසුමක් මත ලයිකා මොබයිල් සමූහයට බදු දී ඇති බවට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පසුගිය සතියේ කළ ප්‍රකාශයෙන් පසුව ඔහුගේ පැමිණීම සිදුව තිබේ.
එක්සත් රාජධානිය පදනම් කරගත් ලයිකා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වන සුබාස්කරන්, දකුණු ආසියානු කලාපයේ, විශේෂයෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුළ සමූහයේ ව්‍යාපාර පුළුල් කරමින් සිටී.
2021 දී, ඔහු ලංකා ප්‍රිමියර් ලීගයේ යාපනය කණ්ඩායමේ අයිතිය ලබාගත් අතර එතැන් සිට ලීගයේ බලගතු කොටස්කරුවෙකු විය.
ලයිකා මොබයිල් සමූහ ව්‍යාපාරයට කෙටිකාලීන ගිවිසුමක් මත චැනල් අයි නාලිකාව බදු දුන් බව ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මීට පෙර ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කර ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමිනි.
මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති චැනල් අයි නාලිකාව බදුදීමට තීරණය කළේ, විෂය භාර ඇමැතිවරයා ලෙස තමාගේ අනුමැතිය ඇතිව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බව ඔහු කියා සිටියේය.
ක්‍රීඩා ඉසව් විකාශනය කිරීම සඳහා ලයිකා මොබයිල් සමූහයට බදු දී ඇත්තේ නාලිකාවේ විකාශන කාලය පමණක් බවත්, ඒ මාසිකව රු. මිලියන 25කට බවත් ඇමැතිවරයා පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart