May 12, 2025

පොලිස් කොස්තාපල්වරයකුට සිංගප්පූරුවේ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් 1,470,000 ක මුදලක් වංචා කළ තවත් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන බවයි.

පැමිණිලිකාර පොලිස් කොස්තාපල්වරයා වඩුක්කොට්ටේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන්නෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.