
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මහියංගනය ප්‍රදේශයේ පදිංචි සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ සැකකරු අතින් ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි රිදීමාලියද්ද පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකු බවයි.
මියගිය තරුණයා සැකකරුගේ දියණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර සැකකරුගේ දැනුම්දීමකින් දියණිය එම ප්‍රේම සබඳතාව නවතා රැකියාවක් සඳහා කොළඹ ප්‍රදේශයට පැමිණ තිබේ.
අනතුරුව අදාළ තරුණයා සැකකරුගේ නිවසට පැමිණ ජනෙල්වලට පහර දී දොර කඩා නිවසට ඇතුළු වී සැකකරුට පහර දී තිබේ.
එහිදී සැකකරු තරුණයාට පිහියකින් සහ මෝල් ගසකින් පහර දී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart