
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෝමාගම පොලිස් වසමේ සිදුවූ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් සේවය අතහැර ගිය පොලිස් විශේෂ කාර්යය බලකා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ ඉකුත් 08 වැනිදා හෝමාගමදී ගිනි අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්කල සියනෑ උයන ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවන හෝටල් සේවකයෙකි.
1995 වසරේ පොලිස් විශේෂ කාර්යය බලකායට එක්ව ඇති සැකකරු 1997 වසරේ සේවය අතහැර ගොස් 1998 වසරේ නැවත එම සේවයට එක්වී 2006 වසරේ යළි සේවය අතහැර ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart