
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය වැඩිමහල් සහෝදරයාට පහර දී ඝාතනය කළ පුද්ගලයකු තලවකැලේ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවකැලේ කුම්වුඩ් වත්තේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
ඝාතනය සිදුකිරීමට පෙර සැකකරු සිය වැඩිමහල් සහෝදරයා සමග මත්පැන් පානය කර තිබේ.
අනතුරුව වැඩිමහල් සහෝදරයා සිය නිවසට ගොස් ඔහුගේ වැඩිමහල් දියණියට අයුතු යෝජනාවක් කර තිබේ.
එහිදී එම දියණිය ඒ පිළිබඳ සිය බාප්පා වන සැකකරුට දැනුම් දී ඇත.
එහිදී සැකකරු සිය සහෝදරයාට අතින් සහ පා පහරවල් මෙන්ම උදැල්ලකින් ද පහර දී ඝාතනය කර තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 53 හැවිරිදි තලවකැලේ කුම්වුඩ්වත්ත ප්රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart