
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වාට වසර පහක තහනමක් පනවා ඇති බව ආරංචි මාර්ග පවසයි.
මීට පෙර ද ඔහු වසර කිහිපයක් තිස්සේ සිදුකළ විවිධ අක්‍රමිකතා හේතුවෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඔහුගේ වැඩ තහනම් කරනු ලැබ තිබිණි.
ඒ අනුව, ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුවේ නිර්දේශ සලකා බලා මැක්ස්වෙල් ද සිල්වාට වසර පහක තරග තහනමක් පැනවීමට විධායක කමිටුව තීරණය කළ බව එම කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් පවසයි..
ඔහුට ලබා දී ඇති දඩුවම මේ වන විටත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වෙත ලිඛිතව දන්වා ඇති බව සුරේෂ් සුබ්‍රමනියම් ප්‍රකාශ කරයි..
ඒ අනුව වසර පහක තහනමකට ලක්ව සිටින හිටපු ලේකම්වරයාට දැන් කිසිදු විදේශීය උත්සවයකට හෝ අන්තර්ජාතික සමුළුවක් සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart