
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයිනේ සියලුම බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබදය සියයට 259ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.
බන්ධනාගාරවල සිටිය හැක්කේ රැඳවියන් 11,762ක් වුවද, මේ වනවිට බන්ධනාගාරවල රැඳවියන් 26,791ක් පමණ සිටින බව එහිදී හෙළිවිය.
ඇතැම් බන්ධනාගාරවල තදබදය සියයට 300ත් 400ත් දක්වා ඉහළ ගොස් ඇති බව පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය වී ඇත.
මේ අතුරින් රැඳවියන් 17,502ක් රිමාන්ඩ් සිරකරුවන් වන අතර, 9,289ක් වරදකරුවන් බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි.
අධිකරණය විසින් නියම කරන ලද දඩ මුදල් ගෙවීමට නොහැකිව රැඳවියන් 1,309 දෙනෙක් බන්ධනාගාරවල රැඳී සිටින බවද මෙහිදී අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart