
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දින 250කට වැඩි කාලයක් ඇමරිකානු යුද ගුවන්යානා ප්‍රවාහන නොකාවක සේවය කරන ඇමරිකානු නාවික හමුදා භටයන් දහස් ගණනක් ආහාර හිඟය, කැඩී ගිය ජල නල පද්ධති සහ දැඩි මානසික හා ශාරීරික විඩාව හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට පීඩනය එල්ල කරමින් පෙන්ටගනයෙන් කරුණු විමසීමට එරට මන්ත්‍රීවරු පියවර ගෙන තිබේ.
යුධ පුවත් සේවා වාර්තා කරන්නේ USS Abraham Lincoln නෞකාවේ සේවය කරන ඇතැම් නාවිකයන් මුහුදට පැනීමට පවා උත්සාහ කර ඇති අතර, එහි සේවය කරන්නන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද දැඩි කණස්සල්ලෙන් පසුවන බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කළේ නෞකාවේ තත්ත්වය පිළිබඳ වාර්තා සම්පූර්ණයෙන්ම වැරදි ලෙස නිරූපණය කර ඇති බවයි.
පසුගිය නොවැම්බර් මාසයේදී දකුණු චීන මුහුද දෙසට යාත්‍රා කිරීම සඳහා කැලිෆෝනියාවෙන් පිටත්ව ගිය මෙම නෞකාව, පෙබරවාරි මාසයේදී ඉරානයට එල්ල වූ ප්‍රහාර හමුවේ මැදපෙරදිග කලාපය දෙසට යොමු කෙරිණි.
මැයි මාසයෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙම මෙහෙයුම් කාලය වරින් වර දීර්ඝ කර ඇති අතර, ඔවුන් නැවත පැමිණෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. කෙසේ වෙතත්, පෙර සැලසුම් කළ සේවා හුවමාරු සැලැස්මකට අනුව මෙම නෞකාව වෙනුවට USS George Washington නෞකාව යෙදවීමට ඇමරිකාව සූදානම් වන බව ඊයේ වාර්තා විය.
භටයින් 5,000කට ආසන්න පිරිසක් සිටින මෙම නෞකාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සෙනෙට් මන්ත්‍රී රිචඩ් බ්ලූමෙන්තාල්, ආරක්ෂක ලේකම් හෙග්සෙත් වෙත යැවූ ලිපියක මෙසේ සඳහන් කර ඇත:
“මූලික සැපයුම් හිඟය, ජලය දූෂණය වීම, ජල නල පද්ධති අක්‍රිය වීම, පිරිහෙන මානසික සෞඛ්‍යය, ආරක්ෂාව පිළිබඳ ගැටලු සහ තැපැල් පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් නෞකාව වෙත එවූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් මාස ගණනාවක් තිස්සේ මඟදී අතුරුදහන් වී ඇත.”
සෙනෙට් සභාවේ සන්නද්ධ සේවා කමිටුවේ සාමාජිකයෙකු වන මෙම ඩිමොක්රටික් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම වාර්තා කෙරෙහි වහාම අවධානය යොමු කළ යුතු බව සහ ඇමරිකානු නාවික හමුදාවට සිය ගුවන්යානා බලඇණියෙන් දැනට ඉල්ලා සිටින අධික මෙහෙයුම් ධාරිතාව තවදුරටත් පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳව මෙය විශාල ප්‍රශ්නාර්ථයක් මතු කරන බවත්ය.
එමෙන්ම ඩිමොක්රටික් සෙනෙට් මන්ත්‍රී රුබෙන් ගල්ලෙගෝ X සටහනක් තබමින් කියා සිටියේ, මෙම නෞකාව වෙත ගොස් මෙම භයානක තත්ත්වය පිළිබඳව නිරීක්ෂණ පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු නියෝජිත පිරිසකට හමුදාව විසින් ඉඩ දිය යුතු බවයි.
තවද මෙම පරීක්ෂාව සඳහා ප්‍රවේශය අහුරාලීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart