
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේදී පැවැත්වූ සාකච්ඡා අතරතුර චීනය සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන කනස්සල්ල පිළිබඳව සාකච්ඡා පවත්වා නැති බව විදේශ ඇමැති අලි සබ්‍රි පැවැසීය.
කෙසේවෙතත් ඉන්දියන් සාගරය සාමකාමී කලාපයක් ලෙස පැවතිය යුතු බවට එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙපාර්ශ්වයම එකඟ වූ බව ඇමැතිවරයා සඳහන් කළේය.
“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම එකිනෙකාගේ නීත්‍යානුකූල ආරක්‍ෂාව පිළිබඳව සංවේදී විය යුතුයි” ඇමැතිවරයා පසුගිය සතිඅන්තයේ කොළඹ පැවැති ජනමාධ්‍ය හමුවකදී පැවසීය.
වෙනත් රටක් ශ්‍රී ලංකාවේ විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව සිදුකරන ඕනෑම ව්‍යාපෘතියකට කිසිදු රටක් විරුද්ධ වනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා නොකරන බව ද විදේශ ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
ත්‍රිකුණාමලයේ ඉන්දීය ව්‍යාපෘති සම්බන්ධයෙන් චීනය කනස්සල්ල පළ කරන්නේදැයි, විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති සබ්රි මේ බව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart