
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අදාළ කැබිනට් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ඇතුළු රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකුට සිය යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට බාධා එල්ල වී ඇති බව පවසමින් වරාය සහ ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර කියා සිටියේ, ඔවුන් (විපතට පත් රාජ්‍ය ඇමැතිවරුන්) ඒ පිළිබඳව නුදුරේදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දෙන බවයි.
රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර පවසන්නේ, තමන් වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැතිවරයා ලෙස වැඩ භාරගෙන මාස කිහිපයක් ගතවී ඇතත් සැළකිව යුතු කාර්යයක් හෝ වගකීමක් ඉටු කිරීමට තමන්ට අවස්ථාව ලැබී නොමැති බවයි.
අදාළ ආයතනවල නිලධාරීන් සෑම විටම කටයුතු කරන්නේ අදාළ කැබිනට් ඇමැතිවරයාගේ උපදෙස් මත පමණක් වීම මෙම තත්ත්වයට හේතුව බව ඔහු කියා සිටියි.
“මම මීට පෙර විදුලිබල නියෝජ්‍ය ඇමැතිධූරය ඇතුළු ඇමැතිධුර රැසක් දැරුවා. ජනතාව මාව නැවත නැවතත් පාර්ලිමේන්තුවට පත්කළේ ඒ හැම අවස්ථාවකම රටටත් ජනතාවටත් සේවය කළ නිසයි. ඒ නිසා වරප්‍රසාද භුක්ති විඳීමෙන් ඵලක් නැහැ, වැඩ කරන්න බැරි රාජ්‍ය ඇමැතිවරයකුට. අපිට ජනතාව වෙනුවෙන් යමක් කරන්න අවස්ථාව ලැබිය යුතුයි. නමුත් මට එවැනි අවස්ථාවක් මෙතෙක් ලැබී නැහැ” ඔහු චෝදනා කරයි.
වැඩිදුරටත් අදහස් දක්වන ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ අදාළ කැබිනට් අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ට අමතරව තවත් රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකුට සිය යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට නොහැකි වී ඇති බවයි.
“මට විතරක් නෙවෙයි තවත් රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනෙකුත් මේ ප්‍රශ්නයට මුහුණ දීලා තියෙනවා. ලබන සතියේ ජනාධිපතිතුමා රාජ්‍ය ඇමැතිවරුන් හමුවන බව අපට දැනගන්නට ලැබුණා. අපි එතුමාව දැනුවත් කරලා විසඳුමකට එන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා” ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart