
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිවසක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
කඩවත ප්‍රදේශයේ පදිංචි දේපළක් හිමි අනුර කුමාරට මාදිවෙල නිවාස යෝජනා ක්රමයේ නිවසක් ලබාදී ඇති බව පවසමින් සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන දර්ශන තන්ත්‍රිගේ මෙම පැමිණිල්ල කර ඇත.
“නියමිත ක්‍රියාපටිපාටිය අනුව මාදිවෙල නිවාස යෝජනා ක්‍රමයෙන් මන්ත්‍රීවරයකුට නිවසක් ලබාදෙන්නේ නම් ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 25ක් ඇතුළත නේවාසික දේපළක් නොතිබිය යුතුයි. නමුත් කඩවත ප්‍රදේශයේ නිවස පිහිටා තිබෙන්නේ කිලෝමීටර් 25කටත් අඩු දුරකින්” තන්ත්‍රිගේ චෝදනා කරයි.
ඒ නිසා මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඔහු කොමිසමින් ඉල්ලා සිටියි.
අල්ලස් කොමිසම විසින් නිකුත් කර ඇති වත්කම් ප්‍රකාශය අනුව කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචි දේපළ ඔහුගේ බිරිඳගේ නමට මිලදී ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart