
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාලු මුවදොර පිටියේදී පසුගිය ජුනි 14 වැනිදා පැවැති භරතනාට්‍ය ගිනස් ලෝක වාර්තා මහෝත්සවයේදී මූල්‍ය අක්‍රමිකතා සහ රාජ්‍ය අනුග්‍රහය අවභාවිත කර ඇති බවට චෝදනා කරමින් ජන අරගල සන්ධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ නියෝජිත සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව කියාසිටියේ, ප්‍රධාන වශයෙන් උතුර සහ කඳුකර ප්‍රදේශවලින් පැමිණි ළමුන් ඇතුළු 5,000කට ආසන්න සහභාගිවන්නන්ගෙන් මෙම උත්සවයට සහභාගි වීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 5,000 බැගින් අයකර ඇති බවයි.
කොළඹ බලා පැමිණි එම පවුල්වලට දැඩි මූල්‍ය බරක් පටවමින්, සහතික පත්‍ර සහ ඒ ආශ්රිත අනෙකුත් ද්‍රව්‍ය සඳහා සහභාගිවූවන්ගෙන් පසුව අතිරේක මුදල් ලබාගෙන ඇති බවටද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
ශ්‍රී ලංකා රාජ්‍ය ආයතනයක් හෝ සහභාගිවන්නන් වෙනුවෙන් නොව, අවසානයේදී පෞද්ගලික සමාගමක නමින් ගිනස් ලෝක වාර්තාවක් දිනාගැනීම සඳහා එම සමගම නමින් සංවිධානය කරන ලද උත්සවයකට රජය සහයෝගය ලබාදෙමින් එය ප්‍රවර්ධනය කළේ මන්දැයි දුමින්ද නාගමුව ප්‍රශ්න කළේය.
පෞද්ගලික මට්ටමින් සංවිධානය කරන ලද උත්සවයක් සඳහා රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය සම්පත් උපයෝගී කරගත්තේ මන්දැයි ද ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
කිසියම් වරදක් සිදුවී ඇති බව තහවුරු වුවහොත් සහභාගිවන්නන්ගෙන් එකතු කරන ලද මුදල් නැවත ලබාදීමට කටයුතු කරන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින ජන අරගල සන්ධානය, මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.
එමෙන්ම මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම පිළිබඳව රජයෙන් පැහැදිලි කිරීමක් ද ඔවුහු අපේක්ෂා කරති.
‘සංගමම් 2026’ ලෙස නම්කර තිබූ මෙම භරතනාට්‍ය ප්‍රසංගය සඳහා නර්තන ශිල්පීන් 4,988 දෙනෙකු ගාල්ල මුවදොර පිටියේදී එක්ව රංගනයේ යෙදුණු අතර, ඒ හරහා නව ගිනස් ලෝක වාර්තාවක් ද පිහිටුවනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart