
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුරුණෑගල, බින්ගිරිය ප්රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් විසින් කල් ඉකුත්වීම නිසා වෙළදපොළෙන් ඉවත්කරනු ලබන සත්ව ආහාර, නව සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේදී නැවත භාවිත කරමින්, ඒවාට එකතුකරන බවට ලද පැමිණිල්ලක් සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් පසුගිය මස 27 වැනි දින එම නිෂ්පාදන ආයතනය පරීක්ෂා කර ඇත.
එහිදී, කල් ඉකුත්වීම නිසා වෙළදපොළෙන් ආපසු කැදවන ලද සත්ව ආහාර කිලෝග්රෑම් 13500ක් පමණ නිලධාරීන් විසින් තම භාරයට ගෙන ඇති අතර, කල් ඉකුත්නොවූ භාණ්ඩ සමග මෙම තොගය පවත්වාගන යෑම සම්බන්දව තවදුරටත් විමර්ශන සිදුකර තිබේ.
අදාළ විමර්ශනවලින් පසුව, කල් ඉකුත්වූ සත්ව ආහාර, සත්ව ආහාර නිෂ්පාදනාගාරයක් තුළ අනෙකුත් භාණ්ඩ සමග එක්ව ගබඩාකිරීම සම්බන්ධව අදාළ ආයතනයට එරෙහිව 2025.03.06 දින හෙට්ටිපොළ මහේස්ත්රාත් අධිකරණයේදී නඩු පවරා ඇත.
අදාළ ආයතනය වන බින්ගිරිය, තල්ගහපිටිය පිහිටි US හෝල්ඩින් පෞද්ගලික සමාගම වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 10,000.00 ක දඩ මුදලක් නියම කර, අදාළ කල් ඉකුත් වූ සත්ව ආහාර තොගය අධිකරණයේ සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart