
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පැවැත්වීමට නොහැකි බව ඕස්ට්‍රේලියාව ප්‍රකාශ කර ඇත.
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේදීය.
කෙසේ වෙතත්, ක්‍රීඩා උළේලේ සත්කාරකත්වය භාරගත් අවස්ථාවේ ඇස්මේන්තු කළ වියදමට වඩා දෙගුණයක් වියදම් වන බව මෑතකදී සිදුකළ ගණනයන් අනුව පෙනීයන බැවින්, එය පැවැත්වීම ගැටලු සහගත බව වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන ඇමැති ඩැනියෙල් ඇන්ඩෘෘ පවසා ඇත.
ඕස්ට්‍රේලියන් ඩොලර් මිලියන 02යි දශම 06ක් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සදහා ඇස්තමේන්තුගත කර තිබූ අතර, 2026 දී එය ඕස්ට්‍රේලියන් ඩොලර් මිලියන 07ක් වනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයා පවසයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේල ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් 05 වතාවක් පවත්වා තිබෙනවා.
යම් හෙයකින් වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයා පවසන අයුරින් 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේලට ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය නොදැක්වුවහොත් එම ක්‍රීඩා උළේල පැවැත්වීමට නොහැකි වන දෙවන අවස්ථාව මෙය ලෙස ඉතිහාස ගත වනු ඇති.
මෙයට පෙර දෙවන ලෝක යුද සමයේ එක් වතාවක් පමණක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේල පැවැත්වීමට හැකිවුයේ නැහැ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart