
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් තිදෙනකු පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයැදුම්පත් කැඳවා තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 බී වගන්තියේ විධිවිධාන සහ 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ අයැදුම්පත් කැඳවා ඇත.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ (www.parliament.lk) හි ඇති නියැදියට අනුව අයදුම්පත් සකස් කළයුතු බව පාර්ලිමේන්තු නිවේදනයක දැක්වෙයි (අල්ලස් කොමිසමේ අයදුම්පත).
නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය 2023 නොවැම්බර් 6 වන දින හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහලේකම් වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් [email protected] වෙත යොමු කළ යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart