
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලියේ මූළික වටයේ තරග ඊයේ නිමාවට පත්වූ අතර දඹුල්ල, ගාල්ල,මහනුවර සහ යාපනය කණ්ඩායම මීළඟ වටය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගය කොළඹ කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත්කරමින් ගාල්ල මීළඟ වටයට සුදුසුකම් ලැබුවෙිය.
එම තරගයේ තීරණය අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට ගාල්ල කණ්ඩායම පැමිණියේය.
මහනුවර කණ්ඩායම තුන්වන ස්ථානයට පත්වු අතර දඹුල්ල කණ්ඩායම පෙරමුණේ පසුවෙයි.
ඒ අනුව තරගාවලියේ මූළික වටය අවසානයේ මීළඟ වටයට පිවිසෙන හතරවන කණ්ඩායම තෝරාගත්තේ දළ ලකුණු වේගය අනුව වන අතර යාපනය කණ්ඩායමට එම අවස්ථාව හිමිවූයේ කොළඹ කණ්ඩායම තරගාවලියේ තවදුරටත් රැඳීසිටිමට ඉඩ ලබා නොදෙමිනි.
මේ අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මීළඟ වටයේ පළමු තරගය (Qualifier 1) හෙට(17) දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.
හෙට පස්වරු 03 පැවැත්වෙන මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම සෘජුව,තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
හෙට රාත්‍රී 7.30 පැවැත්වෙන මීළඟ වටයේ Eliminator තරගය සදහා යාපනය සහ මහනුවර කණ්ඩායම් තරග වදියි.
ඉන් ජයගන්නා කණ්ඩායම Qualifier 1 තරගයෙන් පරාජයට පත්වු කණ්ඩායම Qualifier 2 තරගයේදි තරග වදින අතර, ඉන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
තරගාවලියේ අවසන් මහා තරගය ලබන 20වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart