August 23, 2023

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ පළමු භාගයේ දී සියයට 15.2 ක වාර්ෂික වර්ධනයක් සහිතව දර්ශකාංක 215.3 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහි ඉහළ යෑම පිළිවෙලින් සියයට 17.2, 15.1 සහ 13.5 ක් වූ අතර එය සමස්ත ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යෑම සඳහා හේතු වී ඇත.

අර්ධ වාර්ෂික පදනමින්, 2022 දෙවන භාගයට සාපේක්ෂව 2023 පළමු භාගය තුළ ඉඩම් තක්සේරු දර්ශකය සියයට 4.9 කින් වැඩි වී තිබේ.

මෙම වැඩිවීම සඳහා ඉහළම දායකත්වය නේවාසික ඉඩම් තක්සේරු අනු දර්ශකයෙන් ලබා දී ඇති අතර, අනුපිළිවෙලින් වාණිජ හා කාර්මික අනු දර්ශක ද මේ සඳහා දායකවී ඇත.

කෙසේ වෙතත්, 2023 පළමු භාගය තුළ ඉඩම් තක්සේරු දර්ශකයේ අර්ධ වාර්ෂික වර්ධනයේ අඩුවීමක් දක්නට ලැබිණි.