August 3, 2026

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසාදැමූ බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

පොලිසිය සඳහන් කරන්නේ මාර්ගයට පස් සහ ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන් පූර්වාරක්ෂිත පියවරක් ලෙස මෙලෙස මාර්ගය වසාදැමීමට කටයුතු කළ බවයි.

නැවත දැනුම්දෙන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙස රථවාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.