
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
WION පුවත් සේවයේ වාර්තාවකට අනුව, න්‍යෂ්ටික අවි බලයෙන් සන්නද්ධ අසල්වැසි රටවල් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර නිල නොවන ‘ට්‍රැක් 2’ (Track 2) සාකච්ඡා වටයක් පසුගියදා කොළඹ සහ බැංකොක් නුවරදී පවත්වා ඇත.
මෙම සාකච්ඡාවල ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ, දෙරට අතර පවතින අර්බුද කළමනාකරණය කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සහ අනාගතයේදී ඇති විය හැකි ගැටුම් වළක්වා ගැනීම කෙරෙහි බව එම වාර්තාවේ සඳහන් වේ.
තවද, දෙරටේ නියෝජිතයන් ත්‍රස්තවාදය සහ ජල සම්පත ආශ්‍රිත ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, මෙම සාකච්ඡා නිල රජය මට්ටමේ සංවාද දක්වා වර්ධනය කරගත හැකි ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමුකර ඇත.
‘ට්‍රැක් 2’ රාජ්‍ය තාන්ත්‍රිකභාවය (Track 2 diplomacy) යනු දැනට සේවයේ නියුතු රජයේ නියෝජිතයන් වෙනුවට, විශ්‍රාමික නිලධාරීන්, හිටපු රාජ්‍යතාන්ත්‍රිකයන්, විද්වතුන්, හමුදා නිලධාරීන් සහ ප්‍රතිපත්ති විශේෂඥයන් අතර සිදුවන නිල නොවන මට්ටමේ සාකච්ඡා මාලාවකි.
WION පුවත් සේවයට අනුව, 2025 මැයි මාසයේදී පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය අතර නිල මට්ටමේ සාකච්ඡා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති පසුබිමක මෙම සාකච්ඡා පැවැත්වීම සුවිශේෂී වේ.
පසුගිය මාස කිහිපය තුළ මධ්‍යස්ථ ස්ථාන කිහිපයකදීම මෙවැනි ‘ට්‍රැක් 2’ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර, එහි නවතම සාකච්ඡා සඳහා කොළඹ සහ බැංකොක් නුවර සත්කාරකත්වය සපයා ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේවෙතත්, ඉන්දීය හෝ පාකිස්ථාන රජයන් මෙතෙක් මෙම පසුබිම් සාකච්ඡා පිළිබඳව ප්‍රසිද්ධියේ කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව WION පුවත් සේවය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart