
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වාණිජ මහාධිකරණය විසින් ‘ෆ්රෙන්ඩ්ස් ඔෆ් මනිපායි රෝහල’ සහ තවත් විත්තිකරුවන් කිහිපදෙනකුට, පැමිණිලිකාර සමාගමක් වන ‘රයිඩ් ෆෝ සිලෝන් (ගැරන්ටි) සමාගමේ’ අවසරයකින් තොරව ‘රයිඩ් ෆෝ සිලෝන්’ යන නම හෝ ඒ හා සමාන නමක් ශ්රී ලංකාව තුළ භාවිත කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත්කර ඇත.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර මෙම නියෝගය නිකුත් කළේ, රයිඩ් ෆෝ සිලෝන් (ගැරන්ටි) සමාගමේ සභාපති ඩේවිඩ් රාසයියා විසින් ෆ්රෙන්ඩ්ස් ඔෆ් මනිපායි රෝහල සහ තවත් විත්තිකරුවන් කිහිපදෙනෙකුට එරෙහිව ගොනුකරන ලද පැමිණිල්ලකට අනුව ය.
විත්තිකරුවන් ශ්රී ලංකාව තුළ ‘රයිඩ් ෆෝ සිලෝන්’ යන නම සහ ලකුණ භාවිත කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා ඇත.
පැමිණිල්ලේ දක්වා ඇති පරිදි ‘රයිඩ් ෆෝ සිලෝන්’ ලකුණ හෝ ඒ හා සමාන ලකුණක්, පැමිණිලිකරුගේ අවසරයකින් තොරව ශ්රී ලංකාව තුළ භාවිත කිරීම වළක්වමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.
විත්තිකරුවන්ට අතුරු තහනම් නියෝගයක් සහ සිතාසියක් නිකුත් කරන බවට අධිකරණය තවදුරටත් දැනුම්දුන්නේය.
සනත් විජේවර්ධන ඇසෝසියේට්ස් හි උපදෙස් මත නීතිඥ නිරාන් අන්කෙටෙල් විත්තිකරු වෙනුවෙන් පෙනීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart