
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බේරේ වැවට යාබද කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් කට්ටි දෙකක් දීර්ඝ කාලීන බදු දීම සඳහා වන යෝජනාවක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සළකා බලමින් සිටින බව වාර්තා වේ.
හෝටල්, කාර්යාල සංකීර්ණ සහ සුඛෝපභෝගී මහල් නිවාස ඇතුළත්වන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම ඉඩම් ලබාදීමට අගැයීම් සිදුකරන බව පැවැසේ.
ඇගැයීම් අවසන් වූ පසු තෝරාගත් ආයෝජකයන් සඳහා ටෙන්ඩර් ප්‍රදානය අවසන් කිරීමට පෙර එම යෝජනා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
බේරේ වැව ප්‍රදේශය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන සැලැස්මට සුදුසු ඉඩම් කට්ටි හඳුනාගැනීම සහ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් නිකුත් කිරීමේ සම්පූර්ණ අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරේ.
මේ වන විට අදාළ ඉඩම් කට්ටි වෙනුවෙන් යෝජනා දෙකක් සළකා බලමින් සිටින බව අධිකාරිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart