
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ අගවිනිසුරු ඩී.වයි. චන්ද්‍රචුඩ් උස්බෙකිස්තානයේ අගවිනිසුරු බක්තියාර් ඉස්ලාම් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය.
ඒ ඔහුගෙර් උස්බිකිස්තාන සංචාරය අතරතුරදීයි.
ටෂ්කන්ට් නගරයේදී එම හමුව සිදුවූ බවත්, දෙරටේ ඉහළම අධිකරණ අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව කේන්ද්‍රගත වූ බවත් එම හමුවෙන් අනතුරුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඉන්දියාවේ අගවිනිසුරු ඩී.වයි. චන්ද්‍රචුඩ්
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල අගවිනිසුරුවරුන්ගේ රැස්වීමකට සහභාගී වීමට ටෂ්කන්ට් වෙත පැමිණ සිටී.
2001 ජූනි මාසයේදී ෂැංහයි හි පිහිටුවන ලද ෂැංහයි සහයෝගිතා සංවිධානය යනු කලාපීය ආරක්ෂක ගැටළු සහ ත්‍රස්තවාදය, වාර්ගික බෙදුම්වාදය සහ ආගමික අන්තවාදයට එරෙහිව සටන් කිරීම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කරන අන්තර් රාජ්‍ය සංවිධානයකි.
මෑත වසරවලදී එම සංවිධානය විසින් කලාපීය සංවර්ධන මුලපිරීම් ඇතුළත් කිරීමට එහි ප්‍රමුඛතා පුළුල් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart