
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන ජාතිකයන් ඇතුළු විදේශීය ජාතිකයන් සම්බන්ධ අන්තර්ජාල මූල්‍ය වංචාවල වැඩිවීම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන වෙනුවෙන් චීන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සහාය ඉල්ලා තිබේ.
පසුගිය දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශවල අන්තර්ජාල මූල්‍ය වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් රැසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
කෙසේවෙතත් සැකකරුවන්ගේ ලැප්ටොප් සහ ජංගම දුරකථනවල දත්ත චීන භාෂාවෙන් තිබීම නිසා මෙරට විමර්ශන ආයතනවලට ඉදිරියට යෑමට අපහසු වීම හේතුවෙන් පරීක්ෂණ අඩාල වී ඇත.
මෙම ගැටලුව විසඳීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා පොලිසිය චීන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සහාය ඉල්ලා ඇති අතර ඔවුන් විසින් පරීක්ෂණ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කර තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස චීන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 10 දෙනෙකු මෙරටට පැමිණ මේ වනවිට ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.
සඳුදා දිනයේ මේ සඳහා එකඟතාවකට පැමිණ ඇති අතර එම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහභාගි වී තිබිණි.
2024 ජුනි මාසයේදී, අන්තර්ජාල වේදිකා හරහා මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් චීන සහ ඉන්දියානු ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී චීන ජාතිකයන් 31 දෙනෙකු ඇතුළු සැකකරුවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙහෙයුම්වලදී සැකකරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජංගම දුරකථන 158ක්, ලැප්ටොප් පරිගණක 16ක් සහ ඩෙස්ක්ටොප් පරිගණක 60ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart