
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාම්බෝජය, ලාඕසය සහ මියන්මාරය ඇතුළත් කුප්‍රකට රන් ත්‍රිකෝණයේ මෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු ප්‍රමාණයක් අත්පත් කරගැනීමේ චීන ජාතිකයන්ගේ පුළුල් මෙහෙයුමක් සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමු වී තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක ඉහළ නිලධාරීන්ගේ සහාය මේ සඳහා ලැබී ඇති බවද, චීනයට ඇතුළුවීම පවා තහනම් කර ඇති, පරිගණක වංචා පිළිබඳ චෝදනා ලත් චීන ජාතිකයන්ට ලංකාවේ පදිංචි අවසර පත්‍ර රැසක් නිකුත් කර ඇති බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අනාවරණය කරගෙන ඇත.
මේ පරිගණක වංචාකරුවන් මේ වන විටත් කාම්බෝජයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක් පමණ අත්පත් කරගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
අන්තර්ජාතික සම්බන්ධතා විෂයය පිළිබඳ ප්‍රවීණයන් පෙන්වාදෙන්නේ, මේ හේතුව නිසා කාම්බෝජයට අදාළ වංචනිකයන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට නොහැකි වී තිබෙන බවයි.
එසේම ශ්‍රී ලංකාවේ මේ මෙහෙයුම් තවදුරටත් වර්ධනය වුවහොත් ශ්‍රී ලංකා ආගමන විගමන බලපත්‍රයට මෙන්ම ජීඑස්පී ප්ලස් සහනයටද එමඟින් බලපෑම් එල්ලවීම වැළැක්විය නොහැකි බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වාදෙති.
චීන රජය මේ වංචනිකයන් පිළිබඳ දැඩි පියවර ගෙන තිබෙන අතර, ශ්‍රී ලංකාවෙන් බලහත්කාරයෙන් චීනයට පිටුවහල් කරන ලද එවැනි චීන ජාතිකයකුට එරටදී මරණ දඬුවම ලබාදුන්නේය.
ඔහු ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබුණේ ගිනියා ආගමන විගමන බලපත්‍රයකින් වන අතර, ඒ වන විටත් චීන රජය මඟින් ඔහුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබිණි.
මෙසේ ව්‍යාජ ලෙස ශ්‍රී ලංකාවේ පදිංචි අවසර පත්‍ර (Residencial Visa) සකස්කරගෙන සිටියදී අත්අඩංගුවට පත් ඇතැම් චීන ජාතිකයන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශන ඇතුළු සියලු රජයේ අවසර පත්‍ර තිබී ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා නිරීක්ෂණ ඒකකය මඟින් මේ පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය වෙත සපයා තිබේ.
මේ පුද්ගලයන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇත්තේ සංචාරක වීසා (Tourist Visa) යොදාගනිමිනි.
සංචාරක වීසාවලින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විදේශිකයන්ට මුදල් ඉපයීම සිදුකළ නොහැකි අතර, ඒ සඳහා ස්ථිර පදිංචි අවසර පත්‍රයක් අවශ්‍ය වේ.
පිලිපීන, කාම්බෝජ ආගමන විගමන බලපත්‍රවලින් රටට ඇතුළු වන මේ පරිගණක වංචා මෙහෙයවන්නන් කොළඹ, වරාය නගරයේ රුපියල් කෝටි ගණනින් ආයෝජන කරන බවත්, ඔවුන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ වරාය නගරයේ වැඩි ප්‍රතිශතය තමන් අතට ගැනීම බවත් මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව බුද්ධි අංශ අනුමාන කරයි.
මේ පිරිස් විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති තොරතුරු තාක්ෂණ ආයතනවල සේවයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඉහළ වැටුප්වලට බඳවාගන්නා බවත්, ඔවුන්ට නිශ්චිත ඉලක්ක ලබාදෙන බවත් අනාවරණය කරන එම අංශ, එවැනි ඇතැම් සමාගම්වල දුරකතන අංක සහ විද්‍යුත් තැපැල් ලිපින පවා එකිනෙකට නොගැළපෙන බවද සොයාගෙන තිබේ.
මේ සියලු කරුණු ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් ඔවුන් ඉදිරි සතියේදී ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශ්ව වෙත ලබාදීමට සැලසුම් කර ඇත.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart