
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්වූ චීන ජාතික සැකකරු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ සිය රටට පිටුවහල් කිරීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට චීනයට අවශ්‍යව සිටින මෙම සැකකරු චීනයට පිටුවහල් කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් සමඟ වෙනම ගුවන් යානයක් ලබා දෙන ලෙස චීන තානාපති කාර්යාලය ඉල්ලා ඇතැයි පැවැසේ.
පසුගිය මැයි 18 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ රඳවා සිටි චීන ජාතික සැකකරුගේ හැසිරීම සළකා බලා, ඔහු සම්බන්ධයෙන් මෙලෙස විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ඉල්ලා ඇත.
ඔහු සතුව තිබී බටහිර අප්‍රිකාවේ ගිනියා රාජ්‍යයේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සොයාගෙන තිබේ.
මෙම චීන සැකකරු ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා පිටුවහල් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව ආගමන හා විගමන පාලක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
සැකකරු පිටුවහල් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස්කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව චීන රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද පැවැසේ.
මේ වන විට ඔහුව වැලිකඩ අතරමැදි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart