September 29, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට මහත් ව්‍යසනයක් ගෙන දුන් ‘දිට්වා’ සුළිකුණාටුවෙන් විනාශයට පත් ප්‍රධාන පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන චීන ආධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ නිල ගිවිසුමකට චීනය සහ ශ්‍රී ලංකාව අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang සහ අමාත්‍යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධනගේ සහභාගීත්වයෙන් මෙම ගිවිසුමට ඊයේ (28) අත්සන් තැබුණේ කොළඹ පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශයේදීය.

මෙහිදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා සහාය වීමට චීන විශේෂඥ කණ්ඩායමක් ද ගෙන්වා ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ බවයි.

ශ්‍රී ලංකාවේ ජනතාවට ස්ථිර සහ සැබෑ ප්‍රතිලාභ ලබාදීම සඳහා මෙම ව්‍යාපෘතියේ සංවර්ධන හා කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකාව සමඟ එක්ව ඉතා සැලකිල්ලෙන් යුතුව සිදු කරන බව ද ඔහු මෙහිදී අවධා‍රණය කළේය.

එමෙන්ම ඇ.ඩො. බිලියන 4.1ක පමණ ආර්ථික සහ යටිතල පහසුකම් හානියක් ද එහිදී සිදුව ඇති බවට ඇස්තමේන්තුගත කර තිබේ.