
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය දශක තුන තුළ චීන බැංකු අංශයේ ප්‍රතිසංස්කරණ හේතුවෙන් සැම්බියාව සහ ශ්‍රී ලංකාව වැනි ණය බරින් පීඩාවට පත් රටවල් සඳහා ණය සහන ලබාදීමට චීනය “ඉතා” මැලිකමක් දක්වන අතර, ඒ සඳහා ඉහළ දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) හිටපු ප්‍රධාන ආර්ථික විශේෂඥ ෂැන්ග්-ජින් වෙයි පවසයි.
‘චයිනා ග්ලෝබල් සවුත් ප්‍රොජෙක්ට් පොඩ්කාස්ට්’ (China Global South Project podcast) සමග සංවාදයකට එක්වෙමින් ෂැන්ග්-ජින් වෙයි පෙන්වාදී ඇත්තේ, ණය මුදලක ‘ප්‍රාග්ධන කොටස’ කපාහැරීමට චීනය දක්වන බරපතල අකමැත්ත ‘අමනෝඥ ක්‍රියාවක්’ බවයි.
කොලොම්බියා ව්‍යාපාරික පාසලේ චීන ව්‍යාපාර සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු සහ මූල්‍ය හා ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ෂැන්ග් පවසන්නේ, දශක තුනක චීන බැංකු අංශයේ ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස බැංකු ණය දෙන්නන්ට දැඩි සීමාවන් පනවා ඇති බවයි.
1990 ගණන්වල බැංකු පද්ධතිය තුළ බොල් ණය විශාල ප්‍රමාණයක් පැවතීම සහ සමහර චීන බැංකු තාක්ෂණික පැහැර හැරීම්වලට ආසන්නව පැවතීම මෙවැනි දැඩි බාධාවන්ට හේතුව බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart