
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික අංශයේ විශේෂ නියෝජිතයන් පිරිසක් සහ ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ඊයේ (30) දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවූහ.
එහිදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය විසින් ලබාගත් මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුභපැතුම් එක්කළ දූත පිරිසේ ප්‍රධානියා, පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ලෙස ජනතා ඡන්දයෙන් පත්වූ අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුව සිදුකරන ලද දේශපාලන සංස්කෘතියේ වෙනස්කම් සහ ප්රගතිශීලී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සුභපැතුම් එක්කර ඇත.
එමෙන්ම ඉදිරි ඉදිරි කාලය තුළින් චීන කොමියුනිස්ට් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අතර සම්බන්ධතා ශක්තිමත් කරගැනීමත්, එසේම ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශවික සබඳතා තරකර ගැනීමත් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීම සඳහා චීන රජය විසින් ලබාදීමට අපේක්ෂා කරන සහයෝගය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත.
මෙම හමුවේදී චීන කොමියුන්ස්ට් පක්ෂය විසින් සම්පාදිත ග්රන්ථ කිහිපයක් ජනතා විමුක්ති පෙරමුණේ පුස්තකාලය වෙත පරිත්‍යාග කිරීම ද සිදුකර තිබේ.
මෙම දූත පිරිස ජාතික ජන බලවේගය විසින් පවත්වනු ලබන මැයි දින සැමරැමටද සහභාගි වීමට නියමිතය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart