February 3, 2026

දලයි ලාමාතුමන්ට හිමිවූ පළමු ග්‍රැමී සම්මානය සඳහා චීනය විරෝධය පළ කර තිබේ.

ඒ අනුව චීනය පවසා ඇත්තේ සංගීත ක්ෂේත්‍රයේ සම්මානය චීන විරෝධී දේශපාලන උපාමාරු සඳහා මෙවලමක් වී ඇති බවයි.

චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් ජනමාධ්‍ය හමුවේ මේ බව පැවසූ අතර ඔහු පෙන්වා දුන්නේ දලයි ලාමා හුදෙක් ආගමික චරිතයක් නොවන බවයි.

ඔහු ආගමේ මුවාවෙන් චීන විරෝධී බෙදුම්වාදී ක්‍රියාකාරකම්වල නියැලී සිටින දේශපාලන පිටුවහල්කරුවෙකු බව ප්‍රසිද්ධ බව ද ඔහු පැවසුවේය.

එබැවින් චීන විරෝධී දේශපාලන උපාමාරු සඳහා මෙවලමක් ලෙස සම්මානය භාවිතා කිරීමට චීනය දැඩි ලෙස විරුද්ධ බව ද ඔහු තවදුරටත් පැවසීය.