
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංග්ස් (CMPort) විසින් කොළඹ වරායේ දකුණු ආසියානු වාණිජ හා ලොජිස්ටික් හබ් (SACL) ව්‍යාපෘතිය මෙම වසර ආරම්භයේදී ආරම්භ කිරීමට සූදානම් වේ.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 391ක ආයෝජනය කරන බව චීන ජනමාධ්‍ය වාර්තා කර ඇත.
චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පතට අනුව, CMPort සාමාන්‍යාධිකාරී Lu Yongxin සඳහන් කර ඇත්තේ, ඩොලර් මිලියන 391ක සම්පූර්ණ ආයෝජනයක් සහිත ලොජිස්ටික් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වසර අවසන් වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
දකුණු ආසියාවේ විශාලතම ලොජිස්ටික් මධ්‍යස්ථානය වන SACL හි ආයෝජනයත් සමග CMPort සමාගම ශ්‍රී ලංකාවේ සිදුකරන ආයෝජන වල වටිනාකම ඩොලර් බිලියන 02 දක්වා ඉහළ යන අතර, එමගින් එම සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජකයා බවට පත්වීමට නියමිතය.
SACL ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වූ ගිවිසුම් පසුගිය අප්‍රේල් මාසයේදී කොළඹ දී විධිමත් ලෙස අත්සන් කර ඇති අතර, CMPort වෙත එහි සියයට 70ක කොටස් හිමිව ඇති අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සහ Access Engineering PLC එක් එක් ව්‍යාපාරයේ සියයට 15ක කොටස් හිමිකර ගෙන ඇත.
CMPort හි ශ්‍රී ලංකාවේ අනෙකුත් ව්‍යාපෘති අතරට කොළඹ අන්තර්ජාතික බහාලුම් පර්යන්තය (CICT) සහ හම්බන්තොට වරාය ඇතුළත් වේ.
SACL ව්‍යාපෘතිය මඟින් අවම වශයෙන් පුද්ගලයන් 1,800 කට සෘජු රැකියා ලබාදීම සහ වෙනත් වක්‍ර රැකියා අවස්ථා 10,500 ක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart